Wednesday, November 15, 2017

Wassa Walahaka - Nanda Malini (Lyrics/Lyric video)


Wassa Walahaka - Nanda Malini (Lyrics/Lyric video) 

✍Lyrics:

සුළඟ වෙසින් ඉගිල්ලිලා
සතර අතට පැන
නිල් ගංගා කුමරියගේ
නළල් තලය සිඹ
අගේ සිහිල ඇයට හොරෙන්
ඔබේ දෝතට ගෙන
වැස්ස වලාහක දෙවියනි
දිවැස් හෙලනු මැන

වෙල් යායේ නියර දිගේ
තැනින් තැනට පැන
කොක්කු නටති වක්කඩ ළඟ
පෙලින් පෙලට හිඳ
සසර සරණ සියලු සතට
සැපත සුවය ගෙන
වැස්ස වලාහක දෙවියනි
දිවැස් හෙලනු මැන

සුළඟ වෙසින් ඉගිල්ලිලා
සතර අතට පැන
නිල් ගංගා කුමරියගේ
නළල් තලය සිඹ
අගේ සිහිල ඇයට හොරෙන්
ඔබේ දෝතට ගෙන
වැස්ස වලාහක දෙවියනි
දිවැස් හෙලනු මැන

කෙතේ දුවන අම්බරුවන්
විඩා නිවාලන
දහඩිය බිඳු මුතුකැට ගෙන
සියොළඟ සනසන
සඳුන් සිහිල් පැන් ඉස ඉස
අහස් තලින් පැන
වැස්ස වලාහක දෙවියනි
දිවැස් හෙලනු මැන

සුළඟ වෙසින් ඉගිල්ලිලා
සතර අතට පැන
නිල් ගංගා කුමරියගේ
නළල් තලය සිඹ
අගේ සිහිල ඇයට හොරෙන්
ඔබේ දෝතට ගෙන
වැස්ස වලාහක දෙවියනි
දිවැස් හෙලනු මැන

Song Title - Wassa Walahaka
Artist - Nanda Malini
Album - Sari Podiththak


I hope you all enjoy lyrics video. If you want me to make your favourite song's lyrics, comment down below 🙂


Thank you for watching ❤

No comments:

Post a Comment